දැවැන්ත විරෝධතාවක් දෙදෙනෙක් මරුට 22ක් තුවාල

Report

පකිස්ථාන පාලනයේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද්හි පකිස්ථාන රජයට එරෙහිව පැවති විරෝධතා අතරතුර පැවති ප්‍රචණ්ඩ ගැටුම්වලින් දෙදෙනෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලබා ඇත.

සුළු මොහොතකට පෙර ඉන්ධන මිල පහත හෙලයි - නව මිල මෙන්න

සුළු මොහොතකට පෙර ඉන්ධන මිල පහත හෙලයි - නව මිල මෙන්න

පකිස්ථාන හමුදාවේ සහය ලබන සන්නද්ධ කණ්ඩායමක් විසින් මූලික අයිතිවාසිකම් ඉල්ලා සිටින සිවිල් වැසියන්ට වෙඩි තබනු දක්නට ලැබුණු අතර පකිස්ථාන මාධ්‍ය නාලිකා විසින් අන්තර්ජාලය හරහා ඔස්සේ නිකුත් කරන ලද ප්‍රචණ්ඩත්වය දැක්වෙන වීඩියෝ මගින් විරෝධතා පැවැති ප්‍රදේශවල තිබෙන නොසන්සුන්තා වාර්තා විය.

එහිදී එක් වීඩියෝවක පුද්ගලයින් පිරිසක් අහසට තුවක්කු ඔසවා වෙඩි තබන අතර අනෙක් පිරිස කොඩි ඔසවමින්, සටන් පාඨ ගායනා කරන උද්ඝෝෂකයින්ගෙන් වට වූ මෝටර් රථ මතට නගින අයුරු සහ තවත් වීඩියෝවක විරෝධතාකරුවෙකු භාවිතා කළ උණ්ඩ කිහිපයක් අතැතිව සිටින අයුරුදක්නට ලැබේ.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

පසුගිය පැය 24 තුළ මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අවාමි ක්‍රියාකාරී කමිටුව විසින් මෙහෙයවන ලද දැවැන්ත විරෝධතාවලින් පකිස්තානය පාලනයේ පවතින කාශ්මීර කලාපය උණුසුම් වී තිබුණු අතර වෙළඳපොළවල්, සාප්පු සහ ප්‍රාදේශීය ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වසා දැමීම මෙන්ම ප්‍රවාහන සේවා අත්හිටුවා ඇත.

විරෝධතාකරුවන්ට ඉල්ලීම් 38 ක් වෙනුවෙ රජයට බලපෑම් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පවසයි.

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්