ලංවිම අනුප්‍රාප්තික සමාගම් 4කට කටයුතු පැවරේ — සේවයට නොපැමිණෙන සේවකයින්ට දැඩි අනතුරු ඇඟවීමක්

Report

ශ්‍රී ලංකාවේ විදුලි බල සැපයුමට අදාළ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් පෙබරවාරි 28 වැනිදා අංක 2477/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

2024 අංක 36 දරන  ශ්‍රී ලංකා විදුලිබල පනතට අනුව නියමිත දිනය වූ 2026 මාර්තු 9 වැනිදා සිට ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු ප්‍රධාන වශයෙන් අනුප්‍රාප්තික සමාගම් හතරකට පවරා ඇති බව දැනුම් දී ඇත.

එමෙන්ම මූලික පැවරුම් සැලැස්ම අනුව දැනට සේවයේ නියුතු සියලුම ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් වෙත අනුයුක්ත කරනු ඇති බව එම සමාගම්වල කළමනාකාරීත්වය සඳහන් කරයි.

මේ අතර සේවකයින් සියලු දෙනා වෙත පත්වීම් ලිපි ලබාදීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර ඉදිරි දිනවලදී ඒවා ලබාදීමට පියවර ගන්නා බවත් ඔවුන් පවසයි.

කෙසේ වෙතත් ඇතැම් සේවකයින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටින බවද වාර්තා වේ.

ඒ අනුව වහාම සේවයට වාර්තා කරන ලෙස කළමනාකාරීත්වය ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.

අත්‍යාවශ්‍ය සේවා රෙගුලාසි යටතේ සේවයට වාර්තා නොකිරීම බරපතළ වරදක් ලෙස සැලකෙන අතර එවැනි අවස්ථාවල විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද කළමනාකාරීත්වය අවධාරණය කරයි.

එබැවින් සියලු සේවකයින් වහාම සේවයට වාර්තා කරන ලෙස ඔවුන් නැවතත් ඉල්ලා සිටියි.

බොරතෙල් මිල අඩුවෙයි

බොරතෙල් මිල අඩුවෙයි

පැය 16කට වතුර කපනවා - දැන්ම වතුර රැස්කරගන්න නැත්නම් අමාරුවේ

පැය 16කට වතුර කපනවා - දැන්ම වතුර රැස්කරගන්න නැත්නම් අමාරුවේ


GalleryGallery