අමෙරිකානු සෙබළුන්ට අසාධ්‍යයි - ඉරානය හතර වටේ ගහයි - බහුතරයක් රෝහලේ

Report

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉරානය සමග ඇති යුද්ධයෙන් අමෙරිකානු සෙබළුන් 150ක් පමණ තුවාල ලබා ඇති බවයි. ඔවුන් සඳහන් කරන්නේ මෙම මියගිය හෝ තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මීට පෙර වාර්තා වී තිබුණේ නොමැති බවයි. මින් පෙර, පෙන්ටගනය නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණේ අමෙරිකානු සෙබළුන් අට දෙනෙකු පමණක් බරපතල තුවාල ලබා ඇති බවයි.

රොයිටර් වාර්තාව පළවීමෙන් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්ටගනය ඇස්තමේන්තු කළේ තුවාල ලැබූ සංඛ්‍යාව 140ක් පමණ වන බවත්, ඔවුන්ගෙන් බහුතරයකගේ තුවාල සුළු මට්ටමේ ඒවා බවත්ය.

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

වැඩිදුරරත් පෙන්ටගනය පවසන්නේ ඇමරිකානු හමුදා භටයින් 7 දෙනෙකු මිය ගොස් ඇති බවයි "ඔපරේෂන් එපික් ෆියුරි (Operation Epic Fury) ආරම්භයේ සිට ගතවූ දින 10ක අඛණ්ඩ ප්‍රහාර හමුවේ අමෙරිකානු සෙබළුන් 140ක් පමණ තුවාල ලබා තිබෙනවා," යැයි පෙන්ටගන ප්‍රධාන ප්‍රකාශක ෂෝන් පර්නල් සඳහන් කර කරයි.

ඔහු සඳහන් කළේ තුවාල ලැබූ සෙබළුන්ගෙන් 108 දෙනෙකු මේ වන විටත් නැවත සේවයට වාර්තා කර ඇති බවයි. බරපතල තුවාල ලැබූ සෙබළුන් අට දෙනා සඳහා ඉහළම මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව ද පර්නල් වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකානුවන් 43,000ක් වහාම ඉවතට - රටින් පැන දුවන ඇමරිකානුවෝ

ඇමරිකානුවන් 43,000ක් වහාම ඉවතට - රටින් පැන දුවන ඇමරිකානුවෝ

කෙසේ වෙතත්, මෙම සෙබළුන්ට සිදුවී ඇති තුවාල වල ස්වභාවය හෝ පිපිරීම් වලට නිරාවරණය වීම නිසා බහුලව ඇතිවන "මොළයට සිදුවන කම්පන සහගත තුවාල" (traumatic brain injuries) මෙයට ඇතුළත් දැයි නිශ්චිතව තහවුරු කිරීමට රොයිටර් පුවත් සේවයට නොහැකි වී ඇති බව සඳහන්.