මැතිසබේ හිංසන - අධ්‍යක්ෂිකාවෙන් කටඋත්තරයක්

Report

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදුවූ බව කියන හිංසන සහ අඩන්තේට්ටම් සම්බන්ධ චෝදනා විමර්ශනය සඳහා පත්කරන ලද බාහිර විමර්ශන කමිටුව, හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන්, පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි, මුලික විමර්ශන, සහ ඒ ආශ්‍රිත කටයුතු පිළිබඳව ඉන්දිරා දිසානායක මහත්මියගෙන් ප්‍රශ්න කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

හිටපු ඇමති මනූෂ ගුවන් තොටුපලට ගොඩබහිද්දීම අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

තවත් කිහිප දෙනෙකුගෙන් ඉදිරි දිනවලදී ප්‍රකාශ සටහන් කරගැනීමට කමිටුව සැලසුම් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුලින්ම ප්‍රකාශ ලබාගනු ලැබුවේ වින්දිත නිලධාරිනියගෙන් වන අතර, ඇයගේ ප්‍රකාශ දින දෙකක් පුරා සටහන් කරගෙන ඇත.

මෙම විමර්ශන කමිටුව පත්කරනු ලැබුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින්. දීර්ඝ විමර්ශනවලින් අනතුරුව, හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් ඉදිරියේදී කථානායකවරයා වෙත විමර්ශන වාර්තාව භාරදීමට නියමිතයි.

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්

සිසුන්ට රුපියල් 5,000ක විනෝදාස්වාද දීමනාවක්

ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි

ගුරුවරුන්ට තවත් ප්‍රශ්නයක්, පුද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන් රජයේ පාසල්වල ගුරුවරු ලෙස පුහුණු වෙයි