අසල්වැසියාට ලොකු ප්‍රශ්ණයක් - රටම ගිනිගෙන දැවෙයි
බංග්ලාදේශය තුළ හින්දු ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. බංගලාදේශ මාධ්‍ය සදහන් කරන්නේ තවත් හින්දු වැසියෙකු බංග්ලාදේශයේදී ඝාතනයට ලක්ව ඇති බවයි.
බංග්ලාදේශයේ මයිමෙන්සිංහිදී තවත් හින්දු ජාතිකයෙකු වන බජේන්ද්‍ර බිස්වාස් නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කර තිබුණා.
දේව අපහාසයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර කර්මාන්තශාලා සේවකයෙකු වන දීපු චන්ද්‍ර දාස් නමැත්තා ඝාතනය කිරීමෙන් දින කිහිපයකට පසුවයි. හතළිස් හැවිරිදි බිස්වාස් නමැත්තා ද ඔහු සමග රාජකාරි කළ අයෙකු විසින් ඇඟලුම් කම්හලක රාජකාරියේ යෙදී සිටියදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
බිස්වාස් බංග්ලාදේශයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති, පැරාමිලිටරි සහායක බලකායක් වන අන්සාර් බාහිනි හි සාමාජිකයෙකු වූ අතර එය රටේ අභ්‍යන්තර ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු බව එම මාධ්‍ය වාර්තාවල සදහන් වේ.
මේ අතර එම මාධ්‍ය වාර්තා කළේ, වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.