දෙහි කපන්න ඇතුලට එක්කන් ගිය හිමි නම දැරියක් දූෂණය කරයි..ගමම පන්සල වටලයි

Report

මේ වන විට සමාජ මධ්‍ය තුල වීඩියෝ පටයක් වයිරල් වෙමින් පවති.  එහි දැක්වෙන්නේ ගමේ ජනතාව උණුසුම්  අන්දමින් හැසිරෙන අතර සෙවනගල පොලිස රථයකට හු තබමින් කලහකාරී ලෙස හැසිරීමයි.   

තරගයක් පැරදුනා කියලා දෙයියනේ මෙච්චර කලබලයක් කරන්න ඕනෙද?...දෙන්නෙක් ජීවිතක්ෂයට...(PHOTO)

තරගයක් පැරදුනා කියලා දෙයියනේ මෙච්චර කලබලයක් කරන්න ඕනෙද?...දෙන්නෙක් ජීවිතක්ෂයට...(PHOTO)

ඊට අදාළ සිද්ධිය ලෙස සැලකෙන්නේ සෙවණගල-මොරකැටිය පන්සේලේ ස්වාමින් වහන්සේ නමක් විසින් වයස අවුරුදු 13 ක දැරියක් දුෂණය කිරීම යි.   බඩේහි ඇති වූ වේදනාවකට දෙහී මතුරන්නට අදාළ හිමි නම වෙත පියා සමඟ ගිය අවස්ථාවේ දෙහි මතුරුවා අවසන් වූ පසු දෙහි ගෙඩි ගලාගෙන යන වතුරට දමා එන්නට කියා එම හිමිනම දරුවාගේ පියාට පවසා තිබෙනවා.   

පියා ඒ සඳහා ගිය අවස්ථාවේ හිමි නම විසින් දරුවා දුෂණය කොට තිබෙනවා.   

ඇමති බිමල්ට විරුද්ධව පැමිණිල්ලක්

ඇමති බිමල්ට විරුද්ධව පැමිණිල්ලක්

මේ සම්බන්ධයෙන් අප සෙවනගල පොලිසියෙන් විමසීමක් කළා. එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්තානධිපතිනිය කියා සිටියේ අදාළ දැරිය දුෂනයට ලක්වී නොමැති අතර භික්ෂුව විසින් අතවරය කිරීමට උත්සාහ දරා ඇති බවයි.

එම භික්ෂුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඉන් අනතුරුව නැවත නඩුව කැඳවූ අවස්ථාවේ දී භික්ෂුවට ඇප ලබා දීමක් සිදුකර ඇති බවයි ස්තානධිපතිනිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය තවදුරටත් පරීක්ෂණ කරන බවයි ඇය කියා සිටියේ.  

කවුද හිතුවේ AI වලින් මෙහෙම කරන්න පුළුවන් කියලා...දැක්කොත් වහාම දැනුම් දෙන්න(PHOTO)

කවුද හිතුවේ AI වලින් මෙහෙම කරන්න පුළුවන් කියලා...දැක්කොත් වහාම දැනුම් දෙන්න(PHOTO)