තරගයක් පැරදුනා කියලා දෙයියනේ මෙච්චර කලබලයක් කරන්න ඕනෙද?...දෙන්නෙක් ජීවිතක්ෂයට...(PHOTO)

By Kaushi Jun 02, 2025 05:09 PM GMT
Report

පුද්ගලයින් දෙදෙනෙක් ප්‍රංශයේ පැරිසියේ හටගත් කලබලකාරී තත්ත්වයක් නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ පැරිස් සෙයින්ට්-ජර්මේන් ක්‍රීඩා සමාජය විසින් ජර්මනියේ තිබූ චැම්පියන්ස් ලීග් පාපන්දු අවසන් තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව‍යි.

එසේම එහිදී තවත් පුද්ගලයන් 560ක් වැනි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව ද සඳහන්.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

මෙහිදී පුද්ගලයින් 192 දෙනෙක් තුවාල ලබා ඇති බව ප්‍රංශයේ අභ්‍යන්තර අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම එම අමාත්‍යාංශය මෙහි දී ගිනිගැනීම් 692ක් වාර්තා වී තිබෙන බවත් පවසයි.

ඉන් 264 ක් වාහන සම්බන්ධ ගිනිගැනීම් වශයෙන් දක්වා ඇත.

අඳාළ ක්‍රියා සිදු කළ පිරිස "වනචාරීන්" යනුවෙන් හැඳින් වූ අභ්‍යන්තර අමාත්‍ය බ්‍රූනෝ රෙටෙයිලෝ එහිදී පොලිස් නිලධාරීන් 30 දෙනෙක් වැනි සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙන බව කියයි.

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

එසේම මෙහිදී ගිනි ක්‍රීඩා උපකරණයකින් පහරදීමෙන් පසුව එක් පොලිස් නිලධාරියෙක් කෝමා තත්ත්වයකට පත්ව සිටින බවත් ඔහු ප්‍රකාශ කරයි.

තවද පොලීසිය වාර්තා කරන්නේ සෙනසුරාදා රාත්‍රියේ ජර්මනියේ මියුනිච් නුවර තිබූ අවසන් තරගයෙන් අනතුරුව ඩැක්ස් නගරයේ පැවති මහා මාර්ග උත්සවයක් අතරවාරයේ පිරිමි ළමයෙක් පිහි ඇනුමක් හේතුවෙන් මරණයට පත්ව ඇති බව‍යි.

මියගිය පිරිමි ළමයා 17 හැවිරිදි අයෙක් බව ද පවසයි. එහි දී ජීවිතක්ෂයට පත් වූ දෙවන පුද්ගලයා වයස විසි ගණන්වල සිටි තරුණයෙක් වේ.

ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උත්සව කාලයේදී පැදවූ ස්කූටරයක් මෝටර් රථයක ගැටීමෙන්.

පොලීසියට එරෙහිව ගිනි ක්‍රීඩා උපකරණ යොමු කළ බවට පැරිස් පොලිස් ප්‍රධානී ලොරන්ට් නුනේස් කියා තිබෙනවා.

එසේම එහිදී තවදුරටත් පැවසුවේ ගිනි නිවන භටයින් වෙත වාහන ගිනිගැනීම්වලට ප්‍රතිචාර දක්වන අවස්ථාවේදී ප්‍රහාර එල්ල කර තිබෙන බවයි.

ඒ අනුව අත්අඩංගුවට ගැනීම් 559ක් ප්‍රංශය පුරාවට සිදු විය.

ඒ අතරින් 491ක් පැරිසියේදී සිදුව තිබෙන බවට ආරංචි වේ.

මෙම තත්ත්වය මත තරගයෙන් පසුව පොලිස් නිලධාරීන් 5,400ක් වැනි සංඛ්‍යාවක් මුළු පැරිසිය පුරාවට යොදවා ඇත.

එසේම කඳුළු ගෑස් සහ ඉසින ද්‍රව්‍ය ද චම්ප්ස් එලිසීස් ප්‍රදේශයේදී නිලධාරීන් විසින් භාවිතා කර ඇති බව සඳහන්.

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

අනුදි හරියට ඇන්දේ නෑ වෝක් එක අවුල්.එයා ඕවර් කන්ෆිඩන්ස්..අනුදිට චෝදනා

මෙහිදී තරගය බලමින් නොසිටි විශාල ජන කණ්ඩායමක් බාධකයක් ඔස්සේ තල්ලු කරමින් පොලිස් නිලධාරීන් හා සම්බන්ධ වීමට උත්සාහ ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම අවස්ථාවේ අත්අඩංගුවට ගැනීම් 131ක් සිදුකර තිබෙනවා.

මේ අතර සිටි 30 දෙනෙක් චම්ප්ස් එලිසීස් හි පාවහන් වෙළඳසැලකට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිසක් විය.

එමෙන්ම මෙම කලබලකාරී තත්ත්වය අතරවාරයේ මෝටර් රථ වෙළඳසැලක් හා බාබර්ස් වෙළඳසැලක්ද ඇතුළුව වෙළඳසැල් 4ක් ඉලක්ක කරගෙන තිබූ බව පොලිසිය වාර්තා කරයි.

ඒ අතර පාර්ක් ඩෙස් ප්‍රින්සස් අසල මෝටර් රථ දෙකක්ද ගිනි තබා ඇති බව සඳහන්.

හිතපු නැති වෙලාවක දොලවත්ත කරපු හෙළිදරව්ව...එතකොට මේ ඔක්කොම බොරුද?(VIDEO)

හිතපු නැති වෙලාවක දොලවත්ත කරපු හෙළිදරව්ව...එතකොට මේ ඔක්කොම බොරුද?(VIDEO)

GalleryGalleryGalleryGallery