අද වියට්නාම ජනපති පාර්ලිමේන්තුව අමතයි

Report

වියට්නාම ජනාධිපති තෝ ලම් (Tô Lâm) මහතාගේ මෙම ශ්‍රී ලංකා සංචාරය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

විශේෂයෙන්ම 2015 වසරෙන් පසු විදේශීය රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත පළමු අවස්ථාව මෙය වන අතර, එම ඓතිහාසික කතාව අද (08) පෙරවරු 11.05 ට පමණ සිදු කිරීමට නියමිතය.

අද දිනයේ තෙල් මිල යළි ඉහළට - නව අගයන් මෙන්න

අද දිනයේ තෙල් මිල යළි ඉහළට - නව අගයන් මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 වසරේ සිදුකළ වියට්නාම සංචාරයේදී කළ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයා ඇතුළු 209 දෙනෙකුගෙන් යුත් දූත පිරිස ඊයේ (07) රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් - ඉදිරියට වෙන්න යන දේ ගැන දැනුම්දීමක්

වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් - ඉදිරියට වෙන්න යන දේ ගැන දැනුම්දීමක්