පල්ලියේ වෙසක් පිංකම
covid19
vesak ceremony
peduru paul church
terans bhodiyabadhuge farther
theluththe
By Sewvandhi
වෙසක් පොහොය නිමිත්තෙන් රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු කතෝලික දේවස්ථානයට හිමිවරුන් 41 නමක් වඩම්වා දේවමෙහෙයක් සහ දානමය පිංකමක් අද සිදු කෙරුණා.
මහා සංඝරත්නය උදෙසා සුවිශේෂි වූ දේව මෙහෙය පැය එකහමාරකට අධික කාලයක් පැවැත්වුණා. එම දිව්‍ය පූජාව මෙහෙයවන ලද්දේ ගරු ටෙරන්ස් බොදියබදුගේ පියතුමා විසින්.
දේව මෙහෙය අවසානයේ දී බුදු දහම හා මෙම සත් ක්‍රියාවලිය සසඳාලමින් ධර්ම දේශනයක් පූජ්‍ය තෙලුල්ලේ සමිත හිමියන් විසින් සිදු කලා.
ඉන් අනතුරුව මහා සංඝරත්නය විශයෙහි ධානය පිලිගැන්වීම සිදු කෙරුනේද පියතුමන්ලාගේ මූලිකත්වයෙන්.
මේ අවස්ථාව සඳහා කතෝලික බැතිමතුන් මෙන්ම බෞද්ධ බැතිමතුන් ද විශාල පිරිසක් එක්ව සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |