ඇදිරි නීතිය මැද එකවර මහ මඟ වාහනවලින් පිරේ…හේතුව මෙන්න.

Curfew Sri Lanka Colombo Lock down Vehicle traffic
By Aruna Aug 26, 2021 08:01 AM GMT
Aruna

Aruna

Report

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද අද දිනයේ කොළඹ නගරයේ මාර්ගවල විශාල වශයෙන් වාහන ගමන් කරමින් ඇති බව නිරීක්ෂණය වෙයි.

අත්‍යවශ්‍ය සේවා යටතේ ගමන් කරන වාහන මෙන්ම වෙනත් වෙනත් අවශ්‍යතා මත ඇතුළුවන වාහනද එසේ කොළඹ නගරයට පැමිණ සිටිති.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් ප්‍රධාන මාර්ගය ගණනාවකම එම වාහන පරීක්ෂාව සිදු කරන අතර එම ස්ථානයන්හි බොහෝ දීර්ඝ වාහන පෝලිම ද දක්නට ඇත.

නිරෝධාන ඇඳිරි නීතිය පනවන ලද්දේ ජනතාවගේ සංචාරන කටයුතු සීමා කර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට වුවද මේ තත්ත්වය මත ඉන් නිසි ප්‍රයෝජන අත් නොවනු ඇතැයි සෞඛ්‍ය විසින් පෙන්වා දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha