වාහන මිලෙහි වෙනසක් ගැන දැනුම් දෙයි
පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රජය වාහන ආනයනයට අදාළ බදු ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඉඩ ඇති බව වාහන ආනයනකරුවන් පෙන්වා දෙයි.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ මෙම බදු සංශෝධනය නිසා වෙළෙඳපොළේ වාහන මිලට යම් බලපෑමක් එල්ල වීමට හැකියාවක් ඇති බවයි.
මේ අතර මේ මොහොත වන විටත් තෙවැනි රටක ණයවර ලිපි ඔස්සේ ආනයනය කරන ලද වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් රේගු භාරයේ රඳවා තබාගෙන තිබෙනවා.
එමෙන්ම ඒ පිළිබඳව අධිකරණයේ නඩු කීපයක් ද විභාග වෙමින් පවතින බව සඳහන්. එසේම මෙම නඩු විභාගවල ප්‍රතිඵලයක් වශයෙන් රජය සහ ආනයනකරුවන් අතර යම් එකඟතාවන් ඇති වීමට ඉඩකඩ තිබෙන බව ද වාර්තා වේ.
කෙසේ වුවද ආනයනකරුවන් තෙවැනි පාර්ශ්වයේ ණයවර ලිපි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම සහ රේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කරගැනීම සඳහා වන නඩුකරවලදී ඇති කරගනු ලබන එකඟතා මත පදනම්ව ඉදිරියේදී වාහන ආනයන බදු ව්‍යුහය වෙනස් වනු ඇති බවට විශ්වාස කරයි.
මේ අතර මීට පෙර ආනයනකරුවන් ඉකුත් මාස කිහිපය තුළ වාහන ආනයනයේ විශාල වර්ධනයක් දක්නට ලැබුණද, නව වාහන මිලදී ගැනීම් සඳහා වන ඉල්ලුම දැනට අඩුවීමක් පෙන්නුම් කරන බවද සඳහන් කර තිබුණා.
ඒ වසර ගණනාවක් පැවති සීමා කිරීම්වලින් අනතුරුව ඇතිවූ සැඟවුණු ඉල්ලුම සපුරාලීමට ආනයනය කළ වාහන ප්‍රවාහය නිසා ආරම්භක ගැණුම්කරුවන්ගේ උද්යෝගය පහව යාමත් සමඟයි.