ආසාවෙන් බලන් ඉන්න වාහනයක් ගන්න එක.. වාහන මිලේ වෙන්න යන දෙය අද ජනපති කියයි..
එළඹෙන පෙබරවාරි මාසයේ දී වාහන ආනයනයට ඉඩ තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ ය.
ඒ මහතා මේ බව සදහන් කළේ ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවක දී ය.
එමෙන්ම, අමාත්‍යංශ වලට ගිය පසුව වාහන ඇති බව සදහන් කළ ඒ මහතා ලංකාවට ඔරොත්තු නොදෙන වාහාන දැනට පවතින්නේ බව පැවසීය.
එම වාහන ගෝල්ෆේස් අසල ගොඩ ගසා තිබීම අවදානම් හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වලට ගෙන ගිය බව ජනපති අවධාරණය කළේ ය.
එමෙන්ම, වාහන ගෙන් වීම මත වාහන මිලේ යම් වෙනසක් සිදුවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.
You May Like This Video👇