ඒ ගමන නම් ලේසි වෙන එකක් නෑ.. ඉදිරි පැය 24 වෙන දෙය ගැන.. කළ දැනුම්දීම මෙන්න..
ඉදිරි පැය 24 තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
එමෙන්ම, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇති විය හැකිය.
තවද, මි.මි. 100ක පමණ තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇති විය හැකිය.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
You May Like This Video👇