ඇහුවොත් ඇස් උඩ යන එළවළු මිල මෙන්න..
මේ දිනවල එළවළු මිල ඉහළ අගයක පවතින බවට තොරතුරු වාර්තා වේ.
ඒ පසුගිය දිනවලට සාපේක්ෂවයි.
ඒ අනුව බෝංචි කිලෝවක මිල රු.1000 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 80ක් ලෙස සටහන් වූ අතර ලීක්ස් හා කැරට් කිලෝවක සිල්ලර මිල රු. 600 ක් දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
තව ද, අමු මිරිස් කිලෝවක සිල්ලර මිල සටහන් වූයේ රු. 500ක් ලෙස වේ.
කෙසේ වෙතත්, පොල් ගෙඩියක මිල ඇතැම් ප්‍රදේශවල රු. 140 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම, සාමාන්‍ය තත්ත්වයේ පොල් තෙල් බෝතලයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් විය.