වෙළඳපොලේ එළවළු මිල ඉහළට

Sri lanka business vegitables
By Sithumi Nov 15, 2021 12:00 AM GMT
Sithumi

Sithumi

Report

දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසකට ලැබෙන එළවළු අස්වනු අඩුවීමත් සමග පාරිභෝගිකයින්ට දරාගත නොහැකි ආකාරයෙන් එළවළු සිල්ලර මිල ගණන් ඉහළ ගොස් තිබේ. 

 කොළඹ ප්‍රධාන පෙළේ සතිපොළ කිහිපයකම මෙම තත්ත්වය දැකගත හැකිය. බෝංචි හා මාළුමිරිස් රුපියල් 600ක්, තක්කාලි රුපියල් 500ක්, කැරට් රුපියල් 400ක්, රතු ලූනු රුපියල් 360ක්, ලීක්ස් හා වම්බටු රුපියල් 320ක්, ලංකා අල රුපියල් 280ක්, බී ලූනු රුපියල් 240ක්,පිපිඤ්ඤා රුපියල් 180ක්, කැකිරි රුපියල් 120ක් වශයෙන් කිලෝග්‍රෑමයක සිල්ලර මිල අද දැක්වුණි. 

නුවරඑළිය සතිපොළ ද මීට නොදෙවැනි ලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප කළ සොයාබැලීමකදී අනාවරණ විය. මෙලෙස සතිපොළ තුළ එළවළු සිල්ලර මිල ඉහළ ගොස් ඇත්තේ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසකට ලැබෙන එළවළු අස්වනු අඩුවීමත් සමගය.