පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් පෙරළෙයි

Sri Lanka Accident
By Sewvandhi Jul 27, 2023 08:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (27) උදෑසන හක්මන - වලස්මුල්ල මාර්ගයේ දිගන වංගුව අසලදී  ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

එහිදී තුවාල ලැබූ පාසල් ළමයින් දෙදෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ රියදුරා ගංගොඩගම රෝහලට ඇතුළත් කළ බවයි,හක්මන පොලීසිය පැවසුවේ.

හක්මන දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයේ වේගය පාලන කර ගැනිමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙමින් තිබූ යතුරුපැදියක ගැටීමෙන් පසු ත්‍රිරෝද රථය පෙරලී පහළින් තිබූ නිවසක මිදුලට ඇද වැටී තිබුණි.  

ReeCha