පව්කාරයෝ පන්සලට පැනලා ලක්ෂ ගාණක් විදලා
වාද්දුව පොලිසිය වාර්තා කරන්නේ විහාරස්ථානයක ආවාස ගෙයක් බිඳ අට ලක්ෂ විසිදාහක (820000) මුදලක් සොරාගෙන ඇති බවයි.
ඒ අනුව ඊයේ (04) උදෑසන කාලයේ මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනේ ආවස ගෙට ඇතුළු වූ පුද්ගලයා මෙලෙස මුදල් සොරාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නැති අතර වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.