ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අදින් ඇරඹේ
ලෝක ප්‍රතිශක්තීකරණය අද (24) සිට 30 දක්වා ලෙස නම්කර ඇත.
ලංකාව ප්‍රතිශක්තීකරණය අතින් ඉතා ඉහළ තලයක පවත්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ පාලිත කරුනාපේම මහතා සදහන් කර ඇත.
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා මේ බව පැවසුවේ පසුගියදා (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වා ඇත.
1978 වසරේ සිට මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවද, එමනිසා එන්නත් මගින් දරුවන් රෝග වලින් ආරක්ෂා වී ඇතැයිද සදහන් කර ඇත මේ හේතුවෙන් පෝලියෝ වැනි රෝග ලංකාවෙන් තුරන් කිරීමට හැකියාවක් ලැබී ඇතැයිද එන්නත් මගින් විශාල වශයෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට හැකියාවක් ලැබී ඇතැයිද සඳහන් කර ඇත.
මෙය පසුගිය අවුරුදු 50 තුළ අපගේ ආයුකාලය වැඩි වීමටද ළමයින්ගේ මරණ අනුපාතිකය අඩු වීමටද හේතු වී ඇතැයි සඳහන් කළ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා 2012 වර්ෂයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අප්‍රේල් මාසයේ සමරන බවද ප්‍රකාශ කර තිබේ.
ඊට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යංශයේත් සියලුම සෞඛ්‍ය ආයතනවලත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහාත් මෙම කටයුතු එළඹෙන සතියේත් ඉදිරි මාසය තුළත් විශේෂ ක්‍රියාකාරකම් කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් ප්‍රකශ කර ඇත.
1978 සිට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදෙන එන්නත් ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතු ඒවා බවද කිසිදු අවස්ථාවක එන්නත් හිඟයකින් තොරව පසුගිය වරස 50 තුළ නිරන්තරයෙන් ලබාදී ඇතැයිද ප්‍රකාශ කර ඇත.
මෙය අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා වැදගත් දෙයක් බවද ඉදිරි වර්ෂ කිහිපය තුළද එනම් 2030 වර්ෂය දක්වා එන්නත් ලබාදීම යුනිසෙෆ් ආයතනය මගින් ඔවුන්ගේ සැපයුම් දාම හරහා සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදීමේ සියලු කටයුතු සිදුකර ඇති බවද අවධාරණය කර
මෙම එන්නත් ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ ඉතා වැදගත් කාර්යයභාර්යයක් ආයතන කිහිපයක් සිදුකරන බව පැවසූ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය, වෛද්‍ය සැපයුම් අංශය, එස් පී සී ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි සියලුම ආයතන එන්නත් අවශ්‍ය පරිදි ලබාගැනීමටත්, අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමටත් ලංකාව පුරා නිසි පරිදි බෙදා හැරීම සදහාත් විශාල කර්තව්‍යයක් සිදුකරන බවද සදහන් කරයි.