olympic කමිටුවේ සභාපති පුටුවට තරග කරන ජස්වර් උමර්ට විරුද්ධව පැමිණිල්ලක්

Report

olympic කමිටුවේ සභාපති ලෙස තරග කිරීමට එරෙහිව ජස්වර් උමර් මහතාට විරුද්ධව කර ඇති පැමිණිල්ලක් විභාගයට ගෙන තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන දානිස් අලි මහතා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තිබෙන අභියාචනා උපදේශන කමිටුව වෙත මෙම පැමිණිල්ල පසුගිය විසි එක් වැනිදා කර ඇත .

දෙපාර්ශවයම සහ ඔවුන්ගේ නීතිඥවරු අද එම පැමිණිල්ලට විභාගය සඳහා පැමිණ තිබේ.

පැමිණිලි කාර පාර්ශ්වය වෙන සමාජ ක්‍රියාකාරී දානිස් අලි මහතා සහ එම නීතිඥ මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වන ලදි.

ඔවුන් කියා සිටියේ ජස්වර් උමර් මහතාට මෙම තිබෙන චෝදනා සමග කිසිම ආකාරයකින් නිල වර්ණයට ඉදිරිපත් වීමට නොහැකි බවයි.

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට ද්විත්ව පදක්කම් ජය

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට ද්විත්ව පදක්කම් ජය

සමාජ ක්‍රියාකාරී දානිස් අලි මහතා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

'' අපි අද මේම පැමිණිළි කළේ ජස්වර් උමර් ට තියන පෞද්ගලික තරහකට නෙමේ ,ක්‍රීඩාවට තියන ආදරේ නිසා. ක්‍රිඩා අමාත්‍යවරයට බලතල තියනවා හොද තීරණයක් ලබා දෙන්න . ඔලිම්පික් දුවපු   නියෝජ්‍ය  ඇමති කෙනෙක් ඉන්න රටක් .ජස්වර් උමර්ට සභාපති ලෙස තරග කරන්න දෙන්න බෑ ඔහු සුදුසුකම් රහිත පුද්ගලයෙක් ,,