ලෝක වෙළදපලේ පවතින තත්ත්වය සමඟ නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

Report

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.22කින් ඉහළ යමින් ඇමෙරිකානු ඩොලර් 106.35ක් ලෙස සටහන් වී තිබේ.

මීට සාපේක්ෂව WTI බොරතෙල් බැරලයක මිල සියයට 1.17කින් ඉහළ ගොස් ඩොලර් 96.97ක් දක්වාත්, මර්බන් බොරතෙල් බැරලයක මිල සියයට 2.74ක ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඩොලර් 105.95ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පවතින ගෝලීය වෙළෙඳපොළ දත්තයන්ට අනුව මෙම මිල ඉහළ යාම සිදුව ඇති අතර, ඉන්ධන මිල මෙලෙස ඉහළ යාම ජාත්‍යන්තර ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ මත පළ කරති.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුභ ආරංචියක් - ස්ථීර සාම ගිවිසුමකට අවස්ථා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුභ ආරංචියක් - ස්ථීර සාම ගිවිසුමකට අවස්ථා

ලොවම බලා සිටින සාම පාගමන - ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ආරම්භයි

ලොවම බලා සිටින සාම පාගමන - ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් ආරම්භයි