ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවට ද්විත්ව පදක්කම් ජය

By Shani Apr 24, 2026 03:36 AM GMT
Report

චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දී කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් රිදී සහ ලෝකඩ පදක්කම් ද්විත්වයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සමත්ව තිබෙනවා.

මෙහිදී ඉෂාරා සමන්මලී රිදී පදක්කම දිනාගෙන ඇති බවයි ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කර ඇත්තේ. එසේම ශෂිකලා ලංකාතිලක ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා