අධිවේගී පිවිසුම පුපුරන ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු මාට්ටු

Report

වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී සිදුකළ වැටලීමකදී කැබ් රථයක සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ මහා පරිමාණ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ 57 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලීසිය සමත්ව තිබේ.

මුළු ලංකාවටම සුබම සුබ පණිවිඩයක් - රජයෙන් විශේෂ අනාවරණයක්

මුළු ලංකාවටම සුබම සුබ පණිවිඩයක් - රජයෙන් විශේෂ අනාවරණයක්

එහිදී වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 14ක්, ජෙලට්නයිට් කූරු 240ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 350ක්, ඩෙටනේටර් 490ක් සහ අඩි 5600ක් දිග වෙඩිබෙහෙත් වයර් තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු මුල්කිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මූලික විමර්ශනවලදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ගල් කැඩීමේ කටයුතු සඳහා ප්‍රවාහනය කර ඇති බවට අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්

වෙසක් පොහොය නිවාඩුව පිළිබද විශේෂ නිවේදනයක්