බැතිමතුන්ට සුබ ආරංචියක් - සබරගමු මහ සමන් දේවාලයේ රන්දෝලි මහ පෙරහර හෙට
By Malith Madushan
සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන රන්දෝලි මහ පෙරහර හෙට (25) වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙය සබරගමු මහ සමන් දේවාල ඉතිහාසයේ පැවැත්වෙන 801 වැනි මහ පෙරහර ලෙස සැලකේ.
පෙරහර පෞරාණික චාරිත්‍ර හා සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් පැවැත්වීමට සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.
පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා සැලසුම් කර ඇති අතර, ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සබරගමු මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ශ්‍රී ලංකාවේ පැරණි ආගමික හා සංස්කෘතික උත්සව අතරින් වැදගත් ස්ථානයක් හිමි කර ගනී.