මගේ උපන්දිනේට කේක් කෑල්ලක්වත් කපන්න එපා - 51 උපන්දිනය සමරන සූරියාගෙන් ආන්දෝලාත්මක ඉල්ලීමක් හේතුව මෙන්න

Report

දකුණු ඉන්දීය සුපිරි නළු සූරියා සිවකුමාර් (Suriya Sivakumar) ඊයේ (23) සිය 51 වන උපන්දිනය සැමරීම සිදු කළේය.

නමුත්, මෙවර සිය උපන්දිනය කිසිදු ආකාරයකින් නොසමරන ලෙස ඔහු සිය රසික සමූහයාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

සුපුරුදු පරිදි උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කිරීමට නිවස අසලට රැස්ව සිටි රසිකයන් හමුවී අදහස් දක්වමින් සූරියා මෙම ඉල්ලීම සිදුකර ඇත. නව දිල්ලියේ නීට් විභාගයට එරෙහිව අරගලයේ යෙදෙන සිසුන්ගේ හැඟීම්වලට ගරු කිරීමක් සහ ඔවුන් වෙනුවෙන් සහය පළකිරීමක් වශයෙන් මෙවර උපන් දින සැමරුම්වලින් වළකින ලෙස ඔහු රසිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

සායි පල්ලවීගේ ගෙදර දැක්කොත් පුදුම වෙයි - සම්ප්‍රදායට සහ ස්වාභාවිකත්වයට දුන් ඉහළම වටිනාකම

සායි පල්ලවීගේ ගෙදර දැක්කොත් පුදුම වෙයි - සම්ප්‍රදායට සහ ස්වාභාවිකත්වයට දුන් ඉහළම වටිනාකම

සාමාන්‍යයෙන් සෑම වසරකම සූරියාගේ උපන්දිනය යෙදෙන දිනවලදී ඔහුගේ රසිකයින් කේක් කැපීම, මහජනතාවට ආහාර හා රසකැවිලි බෙදාදීම මෙන්ම විවිධ සමාජ සේවා කටයුතු සංවිධානය කිරීම සිරිතක් ලෙස සිදු කරයි.

නමුත් පවතින සංවේදී තත්ත්වය හමුවේ මෙවැනි අවස්ථාවක උපන්දිනය සැමරීම සුදුසු නොවන බැවින් ඔහු මෙම තීරණය ගෙන තිබේ.

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්

අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් අත්අඩංගුවට - කාන්තා නිලධාරිනියන් ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්