මෙන්න මේ පාරෙ යන රියදුරන් ප්‍රවේශමෙන්
ඌව පරණගම ප්‍රදේශයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වයත් සමග වැලිමඩ – මස්පන්න මාර්ගයේ ගැඩුම කදුර හරහා රථ වාහන ධාවනයේදී විමසිලිමත් වන ලෙස ප්‍රදේශවාසින් සදහන් කරයි
මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවේ දැඩි බලපෑමට ලක්ව මෙම ගැඩුම කදුර නමින් හදුන්වන ස්ථානයේ සිදු වු නායයෑම හේතුවෙන් එම ස්ථානයෙන් වැලිමඩ – මස්පන්න ප්‍රධාන මාර්ගය දින ගණනාවක් අවහිරව පැවතුණි.
ගැඩුම කදුර හරහා ගලා එන ජලය මාර්ගය හරහා ගලා යන අතර මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් එම ජල පහරේ යම් වැඩි වීමක් සිදුව ඇත.
මෙම ගැඩුම කදුර හරහා රථ වාහන ධාවනයේදී වඩාත් විමසිලිමත් ව කටයුතු කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
තවද ප්‍රදේශවාසීන් සදහන් කළේ අධික වැසි පවතින අවස්ථාවලදී විශාල ජල පහරක් මාර්ගය හරහා ගලා යන බවත් ඒ හරහා රථ වාහන ධාවනයෙන් වැලකී සිටින ලෙසයි .