විවාහයෙන් වෙන් වුණත් හාර්දික් පාණ්ඩ්‍යාගෙන් හිටපු බිරිඳට කෝටි ගණනක් වටිනා සැප රියක්
ඉන්දීය ක්‍රිකට් නායක හාර්දික් පාන්ධ්‍යා, ඔහුගේ හිටපු බිරිඳ නටාසා ස්ටැන්කොවිච්ට ඉන්දීය රුපියල් කෝටි 04 ක් පමණ වටිනා සුඛෝපභෝගී Land Rover Defender SUV රථයක් තෑගි ලෙස පිරිනමූ බව වාර්තා වේ.
පාන්ධ්‍යා සහ නටාසා වසර දෙකකට ආසන්න කාලයක් පෙර විවාහ දිවියෙන් වෙන්වී ඇති නමුත්, ඔවුන්ගේ පුත් අගස්තියා එනුවෙන් එකම පියා සහ මව ලෙස කටයුතු කරමින් සිටියි.
එබැවින්, ඔහුගේ හිටපු බිරිඳට මෙවැනි වටිනා ත්‍යාගයක් ලබාදීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකේ.
මෙම තෑගි රථය අලෙවි කළ ආයතනය, වන නව්නිට් මෝටර්ස් විසින් මෙම පණිවිඩය සමාජ මාධ්‍ය හරහා බෙදා හරින ලදී.
එහි සඳහන්ව තිබුනේ
“හර්දික් පාන්ධ්‍යා නැවතත් Land Rover Defender රථය මිලදී ගැනීමට නව්නිට් මෝටර්ස් තෝරා ගනී. විශ්වාසය මත ගොඩනැගුණු සම්බන්ධතාවයක්. විශිෂ්ටත්වය නැංගුරම් තීරණයක්.”
යනුවෙනි.මෙම සිදුවීම ඔවුන්ගේ සම්බන්ධතාවයේ විශේෂ අංගයක් ලෙස සමාජ මාධ්‍ය වාර්තා අතරට එක්වී ඇත.