අරණායක තවත් බිහිසුණු අනතුරක් - කාපට් මාර්ගය දෙකට කැඩෙයි
සුළි කුණාටුව හා වැසි තත්ත්වය හේතුවෙන් අවදානමට ලක් වු අරණායක ප්‍රදේශය නැවතත් නාය අවදානමකට මුහුණපා ඇත.
අරණායක නගරයේ සිට දෝතල්ඔය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ කාපට් අතුරණය, අම්බලකන්ද ප්‍රදේශයේ දී ඊයේ දිනයේ දී දෙකට මැදින් ඉතා භයානක ලෙස පුපුරා ගිලා බැසීමකට ලක්ව ඇති බවට වාර්තා වේ.
ඒ අනුව ජනතාව පවසන්නේ, පසුගිය දිනවල නාය යෑමට ලක්වූ ප්‍රධාන ඇළ මාර්ගයේ බෝක්කුව නිසි ලෙස පිළිසකර නොකිරීම හේතුවෙන් ජලය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගලා ගිය අතර, එම තත්ත්වය දැඩි අවදානමක් මතුවීමට හේතු වූ බවයි.
ඒ නිසා දෝතල්ඔය ගම්මානයට වාහනවලින් පිවිසීමට නොහැකි වී ඇති අතර, විකල්ප මාර්ගය වූ පුවක්වත්ත මාර්ගය ද පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී ඇත.
අරණායක ප්‍රදේශයේ දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ බිහිසුණු නායයෑමෙන් ජීවිත 13ක් අහිමි වීම සහ නිවාස 100කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වීම, අමතරව නිවාස 500ක් පමණ අධි අවදානම් තත්ත්වයට පත්වීම සිදුවී ඇත.