උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන් දොරටු විවෘතයි, ජනතාව විමසිලිමත් වෙන්න
By Kanchana
බදුල්ල දිස්ත්‍රික්කයට දින කිහිපයක සිට ඇදැහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු විවෘත කර ඇති බව ජලාශයේ නේවාසික තාක්ෂණික නිලධාරී දීප්ත චන්දන ජයසේකර මහතා සදහන් කර තිබේ.
මෙම ජලාශය මහවැලි සී කලාපයේ ජලාශ අතරින් විශාලතම ජලාශය වන අතර ලංකාවේ ඇති නිවුන් ජලාශ අතරින් එකකි.
ඒ වගේම පසුගිය (20) දින සිට එක් දොරටුවකින් අඩිය බැගින් දොරටු හතෙන්ම ජලය මුදා හරින අතර ජලය මුදා හැරීම වේගය තත්පරයට ඝන මීටර් 77 කි.
ජලාශයේ නේවාසික තාක්ෂණික නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ උල්හිටිය ඔය දෙපස ජනතාව සහ රත්කිඳ හොබරියා මාර්ගය භාවිතා කරන ජනතාව විමසිලිමත් වන ලෙසයි .