ජීවන් තොන්ඩමන්ගෙන් ජනාධිපතිට අභියෝගයක්

Report

අද (22) ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන්, ජනාධිපති අනුර කුමාර දිසානායකට වතුකරයේ ජනතාව ජීවත් වන සැබෑ තත්ත්වය සොයා බැලීමට ආරක්ෂක අංශ නිලධාරීන් පමණක් පිරිවරාගෙන වතු නිවාස පේළියකට යාමට අභියෝගයක් දී ඇත.

ඒ අනුව කොටගල කෝවිල් සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ රැස්වීමකදී මන්ත්‍රීවරයා පවසුවේ, වතුකරය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට වතුකරයේ සැබෑ තත්ත්වය පිළිබඳව දැනුවත් නොකරන බවයි.

ඒ අනුව ජනාධිපතිවරයා වතු නිවාසවලට ගොස් ජනතාවගේ ජීවිත පිළිබඳව සොයා බැලීමට සහ ඒ පිළිබඳ වතු පාලනාධිකාරියෙන් සහ වතු සමාගම්වලින් කරුණු විමසීමට අභියෝග කර තිබේ.

ඊට අමතරව, වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජය සහ වතු සමාගම් අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා මන්ත්‍රීවරයා රජයට බල කළේය.

අරණායක තවත් බිහිසුණු අනතුරක් - කාපට් මාර්ගය දෙකට කැඩෙයි

අරණායක තවත් බිහිසුණු අනතුරක් - කාපට් මාර්ගය දෙකට කැඩෙයි

එම ගිවිසුම හෙළි නොකිරීම හේතුවෙන් වැඩි කළ වැටුප අඛණ්ඩව ලැබෙන බවට විශ්වාසයක් නොමැති බව ඔහු සඳහන් කරයි. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, තමන් අමාත්‍යවරයාව සිටියදී ඉන්දීය රජයේ සහයෝගය ඇතිව ආරම්භ වූ වතු නිවාස ව්‍යාපෘති රැසක් ඇතැම් වතුවල නතර වී ඇති බව, ඒවා අවසන් කිරීමට රජයේ කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත්ය.

එසේ වුවද, ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට තමන් අගය දක්වන අතර, වටා සිටින ජාතික ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය තමන්ගේ අවධානයට පත් වන බවද මන්ත්‍රීවරයා පවසයි.

මේ ප්‍රදේශයට සුළු ගං වතුර තත්ත්වයක්

මේ ප්‍රදේශයට සුළු ගං වතුර තත්ත්වයක්