ජනතාව අමාරුවේ - හාල් මිල ඉහළට - ඉස්සරහට අමාරු කාලයක්
දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සඳහා පවතින දැඩි හිඟය සහ මිල පාලනය කළ නොහැකි වීම හේතුවෙන් රජය විසින් ආනයනය කරන ලද පොන්නි සම්බා සහල් ද මේ වන විට නියමිත මිලට වඩා වැඩි මුදලකට අලෙවි වන බවත් පාරිභෝගිකයාට සහනයක් වීමට ගෙන්වූ මෙම සහල් වර්ගය ද මේ වන විට කළු කඩ මිලකට අලෙවි වන බවත් වාර්තා වේ.
රජය විසින් නියම කර ඇති රුපියල් 260ක උපරිම සිල්ලර මිල නොතකමින්, වෙළෙඳපොළේ පවතින හිඟය ප්‍රයෝජනයට ගෙන කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 330 සිට 380 දක්වා වූ අධික මිල ගණන් යටතේ අලෙවි වේ.
කීරි සම්බා සඳහා විකල්පයක් ලෙස රජයේ අනුමැතිය මත මෙරටට ගෙන්වූ පොන්නි සම්බා (GR 11) සහල් වර්ගයේ පාලන මිල රුපියල් 255ක් ලෙස නියම කර ඇති අතර කීරි සම්බා හිඟයට සමගාමීව පොන්නි සම්බා සහල් සඳහා ද ඉල්ලුම ඉහළ යාම නිසා, ඇතැම් ප්‍රදේශවල එම සහල් කිලෝවක් රුපියල් 270ත් 275ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව වාර්තා වේ.
සහල් හිඟය පදනම් කරගනිමින් වෙළෙඳුන් විසින් මෙලෙස අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමීම නිසා සාමාන්‍ය පාරිභෝගිකයා දැඩි අපහසුතාවට පත්ව සිටියි.