සාමාන්‍ය පෙළ විභාගයට ගිය සිසුන් අතර ගැටුමක් - රෝහලෙන් ඇවිත් විභාගේ ලියලා
වලපනේ පොලිසිය සදහන් කරන්නේ ඊයේ(21) දින සෞන්දර්ය විෂයේ විවේක කාලය අතරතුර කුඹල්ගමුව සහ පන්නල ප්‍රදේශයේ පිහිටි පාසල් දෙකක මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් පස්දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි.
මෙම සිසුන් පිරිස සෞන්දර්ය විෂයේ දෙවැනි කොටසට පෙනී සිටීමට නියමිතව සිටියදී මෙසේ රොහල් ගතව ඇති අතර වහා ක්‍රියාත්මක වූ වලපනේ පොලිසිය ශාලාධිපතිවරයා සහ විභාග කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කොට සිසුන් පිරිසට සෞන්දර්ය විෂය දෙවැනි පත්‍රයට පෙනී සිටීම සඳහා අවස්ථාව සලසා දී ඇත.
ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමෙන් අනතුරුව පහර කෑමට ලක්වු සිසුන් පස්දෙනා නැවතත් රෝහල් ගත කර ඇති බවත් මෙම ගැටුමට සම්බන්ධ වූ කුඹල්ගමුව ප්‍රදේශයේ පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.
පසුව ඔහු අද (22) දින වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පවසයි. ගැටුමට සම්බන්ධ සිසුන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බැවින් ඔවුන් පිළිබඳව අධිකරණයට වාර්තා කොට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් වලපනේ පොලිසිය පවසයි.