අසිරිමත් නත්තල හෙට , ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙව්මැදුරේදී

Report

 ජේසු බිළිඳාණන්ගේ උත්පත්තිය සිහි කෙරෙන ලොවපුරා කිතුනු බැතිමතුන් සමරන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්‍රියෙදී උදා වීමට නියමිතව තිබේ .

ඒ වගේම මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වේ.

එම දේව මෙහෙය පැවැත්වෙන්නේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

තවද පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙළක් නත්තල් උත්සවය හා නව වසරේ උදාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇත.

  පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, නත්තල් දින දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම දේව මෙහෙය පැවැත්වෙන බැවින් ආගමික නායකයින්ගේ මෙන්ම බැතිමතුන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, මූල්‍ය ආයතන, කඩසාප්පු ඇතුලු ජනතාව ගැවසෙන ස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර බුද්ධි නිලධාරීන් මෙන්ම, සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද ඒ සදහා සහය ලබා දෙනු ඇත.

මේ අතර නත්තල් උත්සවය නිමිත්තෙන්, කොළඹ නගරය සහ ගාලු මුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.

පෙර වස­ර­ව­ලදී නත්තල උත්ස­ව­ශ්‍රී­යෙන් සම­රනු ලබයි .

නමුත් මෙවර නත්තල ආප­දා­වෙන් විප­තට පත් වූ ජන­තා­වට සහන සල­ස­මින් ඉතා චාම් ලෙස සම­ර­න්නැයි අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ සියලු කිතුනු බැති­ම­තු­න්ගෙන් ඉල්ලා සිටි­යහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අත්අඩංගුවට

ඒ උපදෙස පිළිගනිමින් යමින් මෙවර අසි­රි­මත් නත්තල් දින සැම­රුම් ඉතා චාම්ව සිදු කිරී­මට කිතුනු බැති­ම­තුන් පිය­වර ගෙන තිබේ.

තවද අසි­රි­මත් නත්තල වෙනු­වෙන් කොළඹ නග­රය ඇතුළු දිව­යින පුරා ප්‍රධාන නගර නත්තල් සැර­සිලි  වලින් අලං­ක­ර­ණය කිරීමට කටයුතු කර ඇති ආකාරය දැකගත හැකිය.      

රට රැකියාවකට යන්න ඉන්න හැමෝටම අනතුරු ඇගවීමක්

රට රැකියාවකට යන්න ඉන්න හැමෝටම අනතුරු ඇගවීමක්