ලංකාවට ඔබ්බෙන් වූ මුහුදෙදි මිලේච්ඡ ප්‍රහාරයකට ලක්වූ ඉරාන නෞකාවේ සිටි 84 දෙනෙක්ගේ මළ සිරුරු සොයා ගනී[UPDATE]

Report

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී අමෙරිකානු ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ඉරාන නෞකාවේ සිටි පුද්ගලයින් 84 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කර ඇත.

එමෙන්ම නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරන බවයි.

ඉරාන නාවික හමුදාවට අයත් 'IRIS Dena' නෞකාව ශ්‍රී ලංකාවට නිරත දෙසින් වූ ගැඹුරු මුහුදේදී අමෙරිකානු සබ්මැරීනයක් මඟින් එල්ල කළ ප්‍රහාරයකින් මුහුදුබත් විය.

ඒ 180 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සමඟ ඉන්දියාවේ විශාකා පට්නම්හි පැවති ජාත්‍යන්තර නාවික හමුදා යාත්‍රා පෙළ ඇගයීමේ යුද අභ්‍යාස මෙහෙයුමට සහභාගී වී සිට යළිත් ඉරානය බලා යමින් සිටින අතරතුර‍යි.

ප්‍රහාරයකට ලක්වුණු ඉරාන යුද නෞකාවක මළ සිරුරු 80ක් සොයා ගැනේ

ප්‍රහාරයකට ලක්වුණු ඉරාන යුද නෞකාවක මළ සිරුරු 80ක් සොයා ගැනේ

මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කළේ අමෙරිකානු සබ්මැරිනයක සිට ටෝපිඩෝවක් ආධාරයෙන් අදාළ නෞකාවට ප්‍රහාර එල්ල කළ බවයි.

"ඊයේ අමෙරිකානු සබ්මැරීනයක් මඟින් ජාත්‍යන්තර මුහුදේදී අප ආරක්ෂිතයි සිතා කටයුතු කළ ඉරාන යුද නෞකාවක් මුහුදුබත් කළා.එය ගිල්වා දැම්මේ ටෝපීඩෝවක් යොදාගෙන. නිහඬ මරණයක් ටෝපිඩෝවක් යොදාගෙන සතුරු නෞකාවක් ගිල්වනු ලැබුවේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව පළමුවරටයි. අපි සටන් කරන්නේ දිනන්න. නිසැකවම, විනාශකාරී ලෙස කිසිම සමාවක් නොදී අමෙරිකාව දිනනවා."

ඉන්දියන් සාගරයේ ඇමරිකානු පහරදීම - ඉරාන නැවට ප්‍රහාර එල්ල කිරීමේ දර්ශන එලියට

ඉන්දියන් සාගරයේ ඇමරිකානු පහරදීම - ඉරාන නැවට ප්‍රහාර එල්ල කිරීමේ දර්ශන එලියට

එසේම ඔහු වැඩිදුරටත් දෙවන ලෝක යුද්ධයෙන් පසුව සතුරු නෞකාවක් ටෝපිඩෝවක් ආධාරයෙන් ගිල්වා දැමූ පළමු අවස්ථාව මෙය වන බව පවසා ඇත.

මේ අතර අදාළ ප්‍රහාරය එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට අමෙරිකාව විසින් නිකුත් කර ඇත.

මේ අතර අයිරිස් ඩෙනා නම් අඳාළ නෞකාවේ සිට බේරාගනු ලබූ නාවිකයින් 32 දෙනෙක් මේ වනවිටත් කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.   

තත්ත්වය නරකයි - ඉරාන නැවෙන් 140ක් අතුරුදහන් බවට ආරංචියක්

තත්ත්වය නරකයි - ඉරාන නැවෙන් 140ක් අතුරුදහන් බවට ආරංචියක්

ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්

ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්