පරිස්සමෙන්. - මෙරට රෝහල් රැසක කල් ඉකුත් වූ ඖෂධ භාවිතයට අරන්. - (VIDEO)
කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව කල් ඉකුත් වූ ඖෂධ වර්ග ද ඇතැම් රෝහල්වල භාවිතයට ගෙන ඇති බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්. මැදිවත්ත මහතා අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ,
එහිදී ඔහු වැඩිදුරටත්සඳහන් කළේ, සර්ජිකල් ස්ප්‍රිට්, අත් සෝදන ද්‍රව්‍ය, සිරින්ජර්වල මාස ගණනාවක සිට හිඟයක් පවතින බවත්, කල් ඉකුත් වූ ප්‍රතිජීවක ඖෂධ, දැඩි සත්කාර ඒකකයේ ඖෂධ විෂ වීමෙන් විවිධ ආසාත්මිකතා සහ මරණ ඇතිවීමේ අවදානමක් පවතින බවත්ය.