කවදාවත් ආයේ මෙහෙම ඇමරිකාවට යන්න බෑ - යන්න හීන මවපු අයට අසුභ ආරංචියක්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, විසින් ‘ග්‍රීන් කාඩ්’ (Green Card) ලොතරැයි වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
බ්‍රවුන් විශ්වවිද්‍යාලය සහ MIT ආයතනයේ සිදු වූ දරුණු වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරු අමෙරිකාවට ඇතුළු වී ඇත්තේ වීසා ලොතරැයි වැඩසටහන හරහා බව අනාවරණය වීමත් සමග ඔහු වහා ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.
මෙම තීරණය පිළිබඳව අමෙරිකානු දේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයෙම් පැවසූයේ, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එක්සත් ජනපද පුරවැසි සහ සංක්‍රමණ සේවා (USCIS) ආයතනය වෙත වැඩසටහන තාවකාලිකව නවත්වන්නට නියෝග කළ බවයි.
සැකකරු ලෙස හඳුනාගත් පෘතුගාල ජාතික ක්ලෝඩියෝ නෙවෙස් වැලෙන්ටේ, සිදු කළ වෙඩි තැබීම් නිසා බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියගොස් නව දෙනෙකු තුවාල ලැබූ අතර, MIT මහාචාර්යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
සැකකරු, පොලිස් මෙහෙයුම් අතරතුර තමා විසින්ම වෙඩි තබා මියගොස් සිටියදී සොයාගෙන තිබුණි. නෙවෙස් වැලෙන්ටේ, 2017 වසරේදී මෙම වීසා ලොතරැයිය හරහා අමෙරිකාවේ ස්ථිර පදිංචිය ලබාගෙන තිබුණි.
සෑම වසරකම, අඩු නියෝජනයක් සහිත රටවල ජනතාව වෙනුවෙන් ‘Green Cards’ 50,000ක් මෙම ලොතරැයි වැඩසටහන මගින් පිරිනැමේ . ජනාධිපති ට්‍රම්ප්, දීර්ඝ කාලයක් සිට මෙම වැඩසටහනට විරුද්ධතාවය පළ කර සිටි අතර, මෙම ඛේදජනක සිදුවීමත් සමග ඔහුගේ සංක්‍රමණ ප්‍රතිපත්ති දැඩි කිරීමට පියවර ගෙන තිබේ.