මැද පෙරදිගම අවුලපු ඉරානයට එරෙහි යුද්ධෙන් පළමු දින 06ට විතරක් අමෙරිකාවේ වියදම ඩොලර් කෝටි 1100ක්

Report

මූලික ඇස්තමේන්තුවලට අනුව ඉරානය සමඟ පවතින යුද්ධයේ පළමු දින හය වෙනුවෙන් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 11ක් වැය වී ඇති බව ආරක්ෂක විසර්ජන කටයුතු පිළිබඳ අනුකමිටුවේ ප්‍රධාන ඩිමොක්‍රටික් පාර්ශවිකයෙකු වන සෙනෙට් සභික ක්‍රිස් කූන්ස් ප්‍රකාශ කරයි.

ඒ අනුව එම පිරිවැය ඇස්තමේන්තුව ඩොලර් බිලියන 11.3ක් වශයෙන් දැක්වෙන වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් ඔහු මාධ්‍යවේදීන්ට සඳහන් කළේ, "මම හිතන්නේ එය දළ වශයෙන් නිවැරදි" බවයි යනුවෙන්.

එමෙන්ම මෙම අදහස් දැක්වීමට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉරානය සමඟ යුද්ධයේ පළමු දින හය තුළ අවම වශයෙන් ඩොලර් බිලියන 11ක් වැය වී ඇති බවට මූලික ඇස්තමේන්තු මඟින් පෙන්වා දෙන බව‍යි.

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ඉරානයේ නව නායකයාගේ පළමු නිල ප්‍රකාශයෙන් ලෝකයම තැති ගනී - ජාත්‍යන්තරයම කැළඹෙයි

ඒ බව පෙන්ටගනය විසින් අඟහරුවාදා පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවකදී එක්සත් ජනපද මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවද වාර්තා විය.

එසේම මේ බව තහවුරු කර ඇත්තේ එම සාකච්ඡාව පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් දෙදෙනෙක් මඟින් බව සඳහන්.

ඒ අනුව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණේ ගැටුමේ පළමු දින දෙක තුළ පමණක් එක්සත් ජනපද හමුදාව ඩොලර් බිලියන 5කට වඩා වටිනා පතොරම් සහ අවි ආයුධ භාවිතා කර ඇති බවයි.

අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

අමෙරිකාවෙන් ලෝකෙටම සහනයක් - යුද ගිනි මැද රටවල්වලට දාපු වාරණය අප්‍රේල් 11දක්වා තාවකාලිකව ඉවතට

ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර

ඉරානයේ මහා විනාශයක් - එපික් ෆියුරි මෙහෙයුමෙන් ඉරාන බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, නෞකා 60ක් ඇතුළු ඉලක්ක 6,000කට ප්‍රහාර

ඇමරිකාව ප්ලෑන් එක වෙනස් කරයි ඉරානෙට අලුත් විදිහට පහර දෙන්න සූදානම් - කරන්න යන දේ මෙන්න

ඇමරිකාව ප්ලෑන් එක වෙනස් කරයි ඉරානෙට අලුත් විදිහට පහර දෙන්න සූදානම් - කරන්න යන දේ මෙන්න