ඇමරිකානු නාවික ප්‍රහාරක බළකා නෞකා සමූහය කැරිබියන් දූපතට

Report

ලොව විශාලතම යුධ නෞකාව වන USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් වටා කේන්ද්‍රගත වූ එක්සත් ජනපද නාවික ප්‍රහාරක බලකායක් කැරිබියන් දූපතට පැමිණ ඇති බව එක්සත් ජනපද නාවික හමුදාව තහවුරු කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන නෞවකා සඳහා ප්‍රහාර එල්ල කිරීමට මෙම බලකාය පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

එක්සත් ජනපදය මේ දක්වා කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ බෝට්ටුවලට එරෙහිව ප්‍රහාර 19ක් අධික ප්‍රමාණයක් සිදු කර ඇත.

ඒ වගේම ඉන් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්ය .

තවද කැරිබියන් මුහුදේ බෝට්ටු ප්‍රහාර නතර වන තුරු ඇමරිකානු ආයතන සමඟ බුද්ධි තොරතුරු බෙදා ගැනීම අත්හිටුවන ලෙස කොලොම්බියානු නායක ගුස්ටාවෝ පෙට්‍රෝ ඊයේ (11) දිනයේ මහජන ආරක්ෂක හමුදාවන්ට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය තව දුරටත් මේ පිළිබද සදහන් කරයි  .

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

නියමයිනේ - පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

උතුරේ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ මළසිරුර දේවස්ථාන භූමියකින් හමුවේ

උතුරේ හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂගේ මළසිරුර දේවස්ථාන භූමියකින් හමුවේ