ජුනි අවසන් වන විට යුද්ධය අවසන් කිරීම ඇමෙරිකාවේ අපේක්ෂාවයි - යුක්‍රේන ජනාධිපති
යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද්ධය ලබන ජුනි මාසය වන විට අවසන් කිරීමට ඇමරිකාව අපේක්ෂා කරන බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.
ඒ සඳහා වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයටම ලබන සතියේ ඇමරිකාවට පැමිණෙන ලෙස තමන් ආරාධනා කර ඇති බව ජනාධිපතිවරයා පවසා ඇත.
කෙසේ වෙතත්, මෙම ආරාධනාව පිළිබඳව වොෂින්ටනයෙන් හෝ මොස්කව්වලින් මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.