රටම එකට මෙහෙයුමෙන් සැකකරුවන් 777ක් අත්අඩංගුවට
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ මත්ද්‍රව්‍යවල ඉල්ලුම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලීසිය ආරම්භ කළ “රටම එකට ජාතික මෙහෙයුම්” මාලාව යටතේ ඊයේ (06) දිනයේ සිදුකළ මෙහෙයුම් මගින් සැකකරුවන් 777 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙම මෙහෙයුම අතර, හෙරොයින් ග්‍රෑම් 434ක්, අයිස් ග්‍රෑම් 477ක්, කොකේන් ග්‍රෑම් 2,536ක් සහ ගංජා කිලෝ 5.658ක් පොලිස් භාරයට ගෙන ඇත.
එමෙන්ම, සැකකරුවන් 9 දෙනෙකු සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, සැකකරුවන් 15 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇත.
තවද, පුද්ගලයින් 19 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කිරීමටත් පොලීසිය මෙහිදී පියවර ගෙන ඇත. මෙම වැටලීම් 762ක් සිදුකරමින්, පොලීසිය මෙම සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගෙන තිබේ.