ඩොලරයේ මිල ගණන් යළි වෙනස් වෙයි- අද බැංකුවල ගැනුම් සහ විකුණුම් මිල ගණන්!
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (16) දිනයේදී මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව, ඇතැම් වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 337.50ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අද දිනයේ ප්‍රධාන වාණිජ බැංකුවල ඩොලරයේ විනිමය අනුපාත පහත පරිදි දැක්වෙනවා.
සෙලාන් බැංකුව
ඩොලරයක ගැනුම් මිල රු. 328.15 සිට රු. 328.25 දක්වාත්, විකුණුම් මිල රු. 337.40 සිට රු. 337.50 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
NDB බැංකුව
ගැනුම් මිල රු. 327.80 සිට රු. 328.00 දක්වාත්, විකුණුම් මිල රු. 336.80 සිට රු. 337.00 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.
මහජන බැංකුව
ගැනුම් මිල රු. 328.40 සිට රු. 328.50 දක්වාත්, විකුණුම් මිල රු. 336.54 සිට රු. 336.65 දක්වාත් ඉහළ ගොස් ඇති බව සඳහන්.
කොමර්ෂල් බැංකුව
ඩොලරයක ගැනුම් මිල රු. 326.58ක් සහ විකුණුම් මිල රු. 336.50ක් ලෙස නොවෙනස්ව පවතිනවා.
සම්පත් බැංකුව: ගැනුම් මිල රු. 328.50ක් සහ විකුණුම් මිල රු. 336.50ක් ලෙස පෙර පැවති අගයේම පවතින බව වාර්තා වනවා.