ඩොලරයේ මිල යළිත් ඉහළට - අද දිනයේ ප්‍රධාන බැංකුවල ඩොලර් අනුපාතික මෙන්න
සඳුදා දිනයට සාපේක්ෂව අද දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව, වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 334ත් 335ත් අතර පරාසයක පවතී.
සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.35ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 335.60ක් ලෙසත් නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.10 සිට රුපියල් 326.25 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකයද රුපියල් 335.10 සිට රුපියල් 335.25 දක්වා ඉහළ ගොස් ඇත.
මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.48 සිට රුපියල් 326.53 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකයද රුපියල් 334.57 සිට රුපියල් 334.62 දක්වා ඉහළ ගොස් තිබේ
. කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.34 සිට රුපියල් 324.59 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකයද රුපියල් 334.25 සිට රුපියල් 334.50 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.50ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50ක් ලෙසත් නොවෙනස්ව පවතී.