ගිහි ඇදුමින් ආ ඥානසාර හිමියන්ට අද අධිකරණයෙන් ලැබුණු නියෝග මෙන්න
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන ඔක්තෝබර් 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුකරය අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වරෙන්තුව මත අත්අඩංගුවට ගෙන සිටි ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් සැරසී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව යළි ලබන 23 වනදා කැඳවීමට නියෝග කළේය.