රුපියල ආයෙත් පණ ගහයි -වාණිජ බැංකු නිකුත් කළ අලුත්ම ඩොලර් අනුපාතික මෙන්න

Report

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (18) ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, මෙරට ප්‍රධාන වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ විකිණුම් අනුපාතිකය රුපියල් 334.00ත් 337.00ත් අතර අගයක පවතින බව බැංකු දත්ත අනුව දැක්වේ.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 327.75ක් ලෙසත්, විකිණුම් අනුපාතිකය රුපියල් 337.00ක් ලෙසත් නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 327.75 සිට රුපියල් 327.00 දක්වා පහළ ගොස් ඇති අතර, විකිණුම් අනුපාතිකය රුපියල් 336.75 සිට රුපියල් 336.00 දක්වා අඩු වී තිබේ.

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 328.15 සිට රුපියල් 326.92 දක්වා පහළ ගොස් ඇති අතර, විකිණුම් අනුපාතිකය රුපියල් 336.29 සිට රුපියල් 335.03 දක්වා අඩු වී ඇත. කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.08 සිට රුපියල් 324.09 දක්වා පහළ ගොස් ඇති අතර, විකිණුම් අනුපාතිකය රුපියල් 336.00 සිට රුපියල් 334.00 දක්වා අඩු වී තිබේ.

ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි- වාණිජ බැංකු රැසක විකුණුම් මිල තවත් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි- වාණිජ බැංකු රැසක විකුණුම් මිල තවත් ඉහළට

මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 328.50 සිට රුපියල් 326.50 දක්වා පහළ ගොස් ඇති අතර, විකිණුම් අනුපාතිකය රුපියල් 336.50 සිට රුපියල් 334.25 දක්වා අඩු වී ඇත.

ඒ අනුව, අද දිනයේදී ප්‍රධාන වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකිණුම් අනුපාතික පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් ඇති බව බැංකු විසින් වාර්තා කර ඇති අනුපාතිකවලින් පෙනී යයි.

''තවත් සහන කාල දෙන්නේ නැහැ" - අධිවේගී මාර්ගයේ ආසන පටි නොපළඳින රියදුරන්ට සහ මගීන්ට හෙට සිට තදින්ම නීතිය

''තවත් සහන කාල දෙන්නේ නැහැ" - අධිවේගී මාර්ගයේ ආසන පටි නොපළඳින රියදුරන්ට සහ මගීන්ට හෙට සිට තදින්ම නීතිය

“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන

“දිය ඇල්ල ළඟ දරුවෙකු වඩාගෙන සිටියදී දැවැන්ත සර්පයෙක් උරහිසට වැටෙයි'' - අම්බෝලි දිය ඇල්ලේ සංචාරකයාගේ කැමරාවේ සටහන් වූ බියකරු දසුන