මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය කිරීම අද

Report

මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවී අදට (18) වසර 2286ක් සපිරීම නිමිත්තෙන්, ඓතිහාසික මිහින්තලය මිහිඳු මහ සෑයේ අභිනව කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද පස්වරු 1:00ට යෙදෙන සුබ මොහොතින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

තායිලන්තයේ නියෝජ්‍ය අගමැතිනිය ඇතුළු එරට සැදැහැවතුන්ගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් නිර්මාණය කෙරුණු මෙම කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යයේ මූල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 1,170ක් ඉක්මවයි.

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක් - අවදානම් පළාත් සහ දිස්ත්‍රික්ක මෙන්න

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක් - අවදානම් පළාත් සහ දිස්ත්‍රික්ක මෙන්න

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා විසින් දෙරණ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙත මේවා නිල වශයෙන් භාරදෙන ලදී.

මෙරටට වැඩම කරවූ කොත්වහන්සේ සහ චූඩා මාණික්‍යය, මිහින්තලා පුදබිම දක්වා වැඩම කරවන ගමන්මගේදී කඩවත රන්මුතුගල රජමහා විහාරය, කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය සහ ගලේවෙල ධර්මදූත බෞද්ධ මධ්‍යස්ථානය යන ස්ථානයන්හිදී මහජන වන්දනාවට පාත්‍ර කෙරිණි.

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විමර්ශන - පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා

කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන විමර්ශන - පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා

. අනතුරුව ඔක්තෝබර් 9 සිට 13 දක්වා මිහින්තලා රජමහා විහාරස්ථානයේදී සැදැහැවතුන්ට වන්දනා කිරීමට අවස්ථාව සැලසීමෙන් පසු මිහිඳු මහ සෑ රදුන් මත කොත්වහන්සේ පැළඳවීම සිදු කරන ලදී.