ඩොලරය නැවතත් රත් වෙයි - අද වාණිජ බැංකුවල ඩොලර් අනුපාත වෙනස් වූ හැටි මෙන්න
බදාදා දිනයට සාපේක්ෂව අද දිනයේදී ශ්රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය රුපියල් 332ක මට්ටමේ ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 323.90ක් ලෙසත්, විකුණුම් අනුපාතය රුපියල් 333.15ක් ලෙසත් පෙර දිනයට සාපේක්ෂව වෙනසක් නොමැතිව පවතී.
NDB බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 323.40 සිට රුපියල් 323.60 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 332.40 සිට රුපියල් 332.60 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 324.11 සිට රුපියල් 324.20 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 332.14 සිට රුපියල් 332.24 දක්වා ඉහළ ගොස් ඇත.
කොමර්ෂල් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 322.11 සිට රුපියල් 322.35 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතයද රුපියල් 332.00 සිට රුපියල් 332.25 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 324.00 සිට රුපියල් 324.50 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රුපියල් 332.00 සිට රුපියල් 332.50 දක්වා ඉහළ ගොස් ඇත.