අද සිට අමෙරිකාවේ ගෝලීය තීරුබදු පහළට - මඟහරින රටවලට ට්‍රම්ප්ගෙන් තර්ජන

Report

අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ මත පනවන ගෝලීය තීරුබදු ප්‍රතිශතය අද (24) සිට සියයට 10ක් දක්වා පහත දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව එරට තීරුබදු ප්‍රතිශත මෙසේ වෙනස් වූයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් වසරේ හඳුන්වාදුන් ගෝලීය අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත නීතිවිරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් බව සඳහන්.

අමෙරිකානු ජාතියේ නිදහස ලැබීමේ දිනය වශයෙන් නම් කරමින් ගෝලීය අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වාදීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේ ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදීයි.

කෙසේ වුවද එම තීරුබදු හඳුන්වාදීමේදී ජනාධිපතිවරයා සිය බලතල ඉක්මවා කටයුතු කර ඇතැයි සඳහන් කරමින් අදාළ බදු නීතිවිරෝධී බවට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා තීන්දු කර ඇත.

තීරුබදු තීන්දුවෙන් පසු ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ සාකච්ඡා කල් දමයි

තීරුබදු තීන්දුවෙන් පසු ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ සාකච්ඡා කල් දමයි

එමෙන්ම තීන්දුව ලබාදී පැය තුනක් ඉක්මයාමටත් මත්තෙන් ජාතිය ඇමතූ ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියයට 10ක ගෝලීය තීරුබද්දක් පනවන බවයි. එහෙත් අඳාළ තීරුබද්ද සියයට 15 දක්වා ඉහළ නැංවීමට ජනාධිපතිවරයා අනතුරුව තීරණය කර තිබෙනවා.

ඒ තීරුබදු සම්බන්ධව ගිවිසුම්වලට පැමිණීම මඟහැරීමට උත්සාහ කරන රටවල් සම්බන්ධව දැඩි තීන්දු ගන්නා බවට ද තර්ජනය කරමින්.

කෙසේ වුවද ප්‍රකාශිත නිල ලේඛනවලට අනුව අද සිට ක්‍රියාත්මක වන්නේ සියයට 10ක තීරුබද්දක් පමණක් බව සඳහන්.

ඒ 1974 වෙළෙඳ පනතේ 122 වැනි වගන්තිය ප්‍රකාරව කොංග්‍රස අනුමැතියකින් තොරව දින 150ක කාලයකට බදු පැනවීමට ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල භාවිත කරමින්.

එසේම ජනාධිපති ට්‍රම්ප් කොංග්‍රසය අමතා සිදුකරන වාර්ෂික දේශනය හෙට පැවැත්වෙන අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ නව තීරුබදු සම්බන්ධව ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් පළකරනු ඇති බව සඳහන්.

ලංවිම ඉදිරි පැය 48 ගැන අනතුරු අඟවයි - සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පටන් ගන්නවා

ලංවිම ඉදිරි පැය 48 ගැන අනතුරු අඟවයි - සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම පටන් ගන්නවා

ඉතිහාසය වෙනස් කරමින් විශ්වීය එන්නතක් - ‍රෝග රැසකට ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් විසඳුමක්

ඉතිහාසය වෙනස් කරමින් විශ්වීය එන්නතක් - ‍රෝග රැසකට ලාංකික මහාචාර්යවරයෙක්ගෙන් විසඳුමක්