රටේ සෑම ඉඩමකටම වහාම කරන්න යන දේ

Report

ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීමට කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2021, 2022 සහ 2023 යන වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ වාර්ෂික කාර්ය සාධන වාර්තා සලකා බැලීම වෙනුවෙන් ඉකුත් 17 වන දින එම කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වී තිබෙනවා.

එම අවස්ථාවේදී මේ පිළිබඳ අවධානය යොමුව ඇත. ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීන් කාරක සභාවට කරුණු දක්වමින් දැනට පුරෝකථනය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් කට්ටි මිලියන 16.5 පවතිනු ඇති බවත් ඉන් ඉඩම් කට්ටි මිලියන 2.5 මිනුම් කර සිතියම් ගත කර ඇති බවත් දක්වා ඇත.

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

මේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළට - නවතම මිල ගණන් මෙන්න

එබැවින් සෙසු ඉඩම් කට්ටි හැකි ඉක්මනින් මිනුම් කර සිතියම් ගත කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා ඒ වෙනුවෙන් අදාළ සියලුම පාර්ශව කාරක සභාවට කැඳවා ගත හැකි ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද පවසා තිබෙනවා.

එසේම 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා ද කාරක සභාවේදී සලකා බලා ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් නීත්‍යානුකූල ගිවිසුම්වලට එළැඹීමෙන් තොරව ඉඩම් බදු දීම නිසා පවතින හිඟ බදු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි

ආයේ මේක නැතුව ත්‍රීවිල් පදින්න දෙන්න එපා - සියලුම පොලිස් ස්ථානවලට දන්වයි