ඒ පාර ත්‍රීපෝෂ වලටත් ලොකු ප්‍රශ්ණයක් ඉස්සරහට ඒකත් නැතිවෙයිද

Report

 වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ දිවයින පුරා බොහෝ මාතෘ සහ ළමා රෝහල් සඳහා ත්‍රිපෝෂ ලබාදීමේදී දැඩි හිගයක් පවතින බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම නිසා ත්‍රිපෝෂ යකඩ ඌනතාවයෙන් පෙළෙන මව්රුන් සහ, බර අඩු ගර්භනී මවුවරුන් ඇතුළුව උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට පමණක් ලබා දෙන බවයි.

රියදුරන්ට ලකුණු දෙනවලු - මේක කරොත් රියදුරු බලපත්‍රය අවලංගු වෙන්න පුළුවන්

රියදුරන්ට ලකුණු දෙනවලු - මේක කරොත් රියදුරු බලපත්‍රය අවලංගු වෙන්න පුළුවන්

දැනට වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ත්‍රිපොෂ ලබාදීම සිදු නොකරන අතර අදාළ වැඩපිළිවෙල යළි ආරම්භ කරන බව රජය පවසා ඇත.

මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති ත්‍රිපෝෂ සමාගම පසුගියදායි ජනාධිපතිවරයාට විශේෂ ලෙසත් නිවේදනයක් මගින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා යටතේ ඇති වෙළඳ අමාත්‍යාංශයට පත් කරනු ලැබීය.

WHATSAPP භාවිතා කරනවද ? අතිශය ප්‍රවේශම් වෙන්න

WHATSAPP භාවිතා කරනවද ? අතිශය ප්‍රවේශම් වෙන්න

සමාගම විකිණීමට යම් කුමන්ත්‍රණයක් පවතින බවට සෞඛ්‍ය වෘත්තිය සමති පසුගියදා චෝදනා කල අතර මේ අන්දමට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වු ත්‍රිපෝෂ සමාගම ගලවා ඉවත්කොට වෙළඳ අමාත්‍යංශය යටතට පත්කලෙ කුමන පදනමක් යටතේද යන්න රජය පැහැදිලි කළ යුතු බවද ඔහු සඳහන් කළේය.