පාසල් මට්ටමින් මේ ගැන දැනුවත් කරන්න - අගමැතිනියගෙන් උපදෙසක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් කසළ කළමනාකරණය පිළිබඳව ප්‍රජා මට්ටමින්, පාසල් මට්ටමින් දැනුවත් කිරීම් අවශ්‍ය බව සඳහන් කරයි.
ඇය මෙම අදහස් පළ කළේ බස්නාහිර පළාත් කසළ කළමණාකරණය සම්බන්ධයෙන් පත් කළ විශේෂ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹ දී රැස්වූ අවස්ථාවේදීයි.
එසේම මෙහිදී බස්නාහිර පළාතේ ගෘහස්ත, වීථි, ආයතනික සහ ව්‍යාපාර හරහා බැහැර වන නාගරිකරණ සහ අපද්‍රව්‍යය කළමනාකරණයේ වර්තමාන තත්ත්වය, ඝන අපද්‍රව්‍ය හේතුවෙන් පැන නැගී ඇති ගැටළු සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු වුණා.
එමෙන්ම පළාත් පාලන මට්ටමෙන් කසළ කළමනාකරණය සම්බන්ධයෙන් විෂය දැනුමක් ඇති නිලධාරීන් අවම වීම, කසළ කළමනාකරණය සඳහා සුදුසු ඉඩම් සහ යටිතල පහසුකම් අඩු වීම යන ගැටළු සහ ඒ සඳහා වන විසදුම් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
ඒ අනුව අගමැතිනිය අවධාරණය කර ඇත්තේ කසල කළමනාකරණයේදී ප්‍රජා ශක්ති සහ ක්ලින් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් යොදා ගැනීම මඟින් විශාල කාර්යහරයක් සිදු කළ හැකි බවයි.
මේ අතර ඇය වැඩිදුරටත් සඳහන් කළේ වෘත්තීය අධ්‍යාපන අංශය හා එක්ව කසළ කළමණාකරණය අලුත් වෘත්තීය විෂයක් පිළිබඳ සමාජ අවබෝධයක් ලබා දීම සහ රැකියා අවස්ථාව නිර්මාණය කිරීම සිදු කළ හැකි බවයි.