ඉවතලන මුත්‍රා වලින් මී පැණි මෙන් රස බීර වර්ගයක් වෙළඳපොලට (PHOTOS)
සිංගප්පූරුව නව බීර වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. මෙම බිර නිපදවන්නේ මුත්‍ර මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගැනීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිංගප්පූරුවේ බීර කර්මාන්ත ශාලාවක් මුත්‍රා සහ අපද්‍රව්‍ය මධ්‍යසාර පාන බවට පත් කරමින් පරිසර හිතකාමී වීමේ පණිවිඩය තවත් තලයකට ගෙන ගොස් තිබේ.
'නිව්බෲ' යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය. මුත්‍ර මුසු වුණු අපජලය හොඳින් පෙරා පිරිසුදු කර ගන්නේ 'නිව්වෝටර්' යන නමිනි. 'නිව්බෲ' බීරවල 'නිව්වෝටර්' සියයට 95 ක් අඩංගු බව නිෂ්පාදකයෝ පවසති.
ඉදිරි වසරවලදී වඩාත් නරක අතට හැරෙන ජල අර්බුදයකට මුහුණ දෙන ලෝකයක, ජලය සුරැකීමට සහ ප්‍රතිචක්‍රීකරණය කිරීමට සෑම උත්සාහයක්ම අවශ්‍ය වන අතර මෙම පානයෙ සදහා 90%ක් H20 බැවින් බියර් සඳහා ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ.
නොවැළැක්විය හැකි ජල අර්බුදයට මුහුණ දීම සඳහා සිංගප්පූරුවේ ජල ඒජන්සිය රටේ ජල හිඟය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම පානය දියත් කර ඇත. සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වන්නේ මෙම බීර නිෂ්පාදනයයි.
සිංගප්පූරුවේ 'ජාතික ජල සතිය' යන නමින් අප ජලය ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වුණු අතර, 'නිව්බෲ' බීර හඳුන්වා දීම ඊට සමගාමීව සිදුවූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 'නිව්බෲ' බීර වෙළෙඳපොළට හඳුන්වා දීම සිදුවූයේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය.
ඒ, ජාතික ජල ප්‍රතිචක්‍රීකරණ ආයතනය සහ දේශීය බීර නිෂ්පාදන සමාගමක් වන 'බෲකර්ස්' සමාගම හවුල් වෙමිනි.
පානය කිරීමෙන් පසු මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන බව පැවැසෙන 'නිව්බෲ' නිපදවීමට ජර්මනියෙන් මිලදී ගන්නා ඉතා උසස් තත්ත්වයේ බාර්ලි මෝල්ට් ඇතුළු අමුද්‍රව්‍ය මෙන්ම නෝර්වේ රටින් ගෙන්වන ඉහළ ඉල්ලුමක් ඇති විශේෂ ඊස්ට් වර්ගයක් ද භාවිතයට ගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.